languages languagesicone
site loader
site loader

නොලැබෙන යුවතිය

ආදරය…… ඒක හරිම පුදුම දෙයක්. කෙනෙක්ට ආදරය ඇතිවුණාම ඒක කොච්චර බලවත්ද
ඒත් ඒ ආදරය තමන්ට ලැබෙන්නේ නෑ කියලා දැනෙද්දී ….. ඒ ආදරය තවත් වැඩිවෙයිද?

කාලයක සිට ඇයට පෙම් බඳින ඔහු……..
ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටින බව දැනගන්නවා. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නම් නෙවෙයි. ඒ නිසා ඔහු කන්දක් පාමුල හුදෙකලාව මේ වගේ ගීතයක් මුමුණනවා. ඒ ගීතය ආරම්භ වෙන්නේ මෙහෙමයි
“කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද”

ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. එය ඔහු ගීතයෙන් කියන්නේ මෙහෙමයි

ඔබ කිව් රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

අළුයම් කාලයේදී, මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්‍රකාශ කළද හදවතින් ඔහු තවම පසු තැවෙයි.           

උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන්. ඒත්…….

ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ නොහැක.

“ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි”

ලැබෙන්නේ නැති ඒ යුවතියට ආදරය තවත් වැඩිවෙලාද?

මේ ගීතයේ පදවැල් සරත් ගුණරත්න මහතාගෙන්, ඒක සංගීතවත් වෙන්නේ කාලෝ විජේසිරි මහතා අතින්, ගායනා කරන්නේ ආත්මා ලියනගේ මහතා. ඒ ගීතය මෙතනින් අහන්න

ආදරය නිසා මිතුරුකම නැති වෙයිද?

දේවල් එකට කරද්දී, කාලය ගත කරද්දී යාළුකම් වැඩිවෙනවා මොකද යාළුවා ගැන හොදින් දැනගන්න තේරුම් ගන්න හින්දා.

මේ ගීතයෙත් යහළුවන් දෙන්නාගේ බැදීම කොච්චරද කියනවා නම් මේ යාළුවව හදුන්වන්නේ “මස්සිනා” කියලා. එහෙව් යාළුකමට ලොකු අභියෝගයක් එනවා. මේ දෙන්නම එකම ළදකට ආදරය කිරීම. ගී පද මාලාවේ ඒක තියෙන්නේ මෙහෙමයි “ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට“.

දැන් මොකද කරන්නේ, ඊලග ගී පදවල ලියැවෙන්නේ ඒ ගැනයි “විරසක වී රුපුන් ලෙස යුද වදින්නද” රණ්ඩු වෙන්නද නැත්නම් “පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද” යාළුකම අත්හරින්නද?

මේ ගැටලුව නිසා දැන් තත්වය ගී රචකයා විස්තර කරන්නේ මෙහෙමයි “දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ” දැන් ඉස්සර වගේ මේ යාළුවන් දෙන්නා කථා නැහැ. ආදරය යාළුකමට පහරක්ද?

ඒකට පිළිතුර ගීතය අවසානයේ මෙහෙම තියෙනවා “නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ” ආදරය නිසා විරසක වුනොත් ඉන්න හොදම යාළුවත් නැති වෙයිද?

පිළිතුර ගී රචකයා සදහන් නොකලත් එය ඔබට සිතන්න දෙයක්.

වසන්ත කුමාර කොබවක මහතා විසින් ලියවුනු ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතය යෙදුනු මෙම ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහතා සහ එඩ්වඩ් ජයකොඩි මහතායි.

“පලංචියේ” ගීය පදමාලා සමග මෙතනින් අහන්න

මල්ලියේ ඕවට බොන්න එපා!

කවදාකවත් දැක්කේ නැති වයසින් වැඩි කෙනෙක්, ඔයාගේ ජිවිතේ හරි පාරට අරගෙන තියෙනවද? මේ ගීතය හරියට ඒ වගේ එකක්.
තරුණ කොල්ලෙක් බොන්න ගිහින්, මොකද …. ප්‍රේමයේ විරහව. මේක දකිනවා මෙතනට බොන්න ආපු වයසින් වැඩි කෙනෙක්. එයාට ඕනේ ඇයි මේ කොලුවා බොන්නේ කියල දැනගන්න. එතකොට කොල්ලා හේතුව කියනවා.. මේ නොදන්නා පුද්ගලයා එතකොට මෙයාට අපුරු මගපෙන්වීමක් දෙනවා ඒක තමයි මේ පද පේළියෙන් කියන්නේ

අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා

ඇත්ත ජිවිතයේ විවිද හේතු නිසා අපි වැටෙන්න පුළුවන්. ඒ අතරින් තරුණ කාලේ කොල්ලෙක් වැටෙන්න පුළුවන් හේතුවක් තමයි ප්‍රේමයේ විරහව. ඒක දරා ගන්න ලේසි නැහැ. ඒ වෙලාවට වැරදි තීරණයක් ගත්තොත් ඒක මුළු ජිවිතයටමත් ඔයාට ආදරය කරන අනිත් අයටත් බලපානවා.
හැබැයි ඒ වෙලාවට අපිට අත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්……

Ruwak Edenawa
මල්ලියේ ඕවට බොන්න එපා

මේ ගීතයේ පද පේළි පටන් ගන්නේ මෙහෙමයි “රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා” දැනටමත් මේ වැඩිහිටියා මදු පැන් කට ගාලා ඉවරයි. ටිකක් විතර වෙරි. ඒ නිසා එන්නේ කවුද කියලවත් හොයා ගන්න ටිකක් අමාරුයි.

දැන් මෙයා දකිනවා මදුලෝලි තරුණයෙක්, එවිට එයා මෙහෙම අහනවා “සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ” තරුණයා කියන්නේ මෙහෙමයි “නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

එහෙම කියද්දී මේ වැඩිහිටියා කියන්නේ “මල්ලි, මේවා බීලා විසදන්න පුළුවන් ප්‍රශ්ණ නෙමෙයි” ඒක ගී පද රචකයා සටහන් කරන්නේ මෙහෙමයි “අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා”

මේ ගීතය විශාරද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයන ගීතයක්. ගී පද මහින්ද දිසානායක මහතා විසින්, සංගීතය ගුණදාස කපුගේ විසින්මයි.

මේ ගීතය අහන්න

ආරාධනා…

ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා….

ඉර බටු තරුව විතරක් නිරුවත් ආකහේ අතරමං වෙලා …අහස මල පාලුයි.

වෙන එකතරුවක් වත් නැහැ .අද හඳ එකක් නැහැ….

අද විතරක් නෙමේ ……………

හ්ම්…………
සඳ කැලුම් ගලද්දී මම හිතුවේ නැහැ අමාවක අහස මෙච්චර කරුවල ඇති කියල..

කොච්චර සඳට සැහැසිකම් කලත් සඳ නැතිදා….පුංචි ඉරබටු තරුව විතරක් අහසේ මක් කරන්නද……

හදවතේ වේදනාව සනසන්නේ කවුද……..අපි අතීතයේ කොච්චර සතුටින් හිටියද….
වරද මගේ …..
හදවත මත කැටයම් කල ප්‍රේම කැටයම් කාලයත් එක්ක වියැකිලා ගිහින් …..

ජීවිතයේ ගමනින් මට හොඳටම මහන්සියි….
ඔබළඟ ඉන්න තුරු ඔබේ වටිනාකම දැනුනේ නැහැ මට.. හැමදෙයක්ම සරලව දැක්කේ…හරිම ලේසියට….ඒත් ජීවිතයට මුහුණ දෙනකොට ඒක කොච්චර අමාරුද….

ඇත්තටම ආදරයක් ඇත්නම් එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන්ද……

මම ඔබට ආරාධනාවක් කරන්නද…..
ඔබ ඔබේ දෑස් වසාගන්න…..

හිතින් අහන්න….මේ ඔබේ කතාව නොවේද….ඔබටම ආවේනික හරියටම ඔබේ කතාව නේද….ඇස් අරින්න එපා ….සිහින ලෝකෙම ඉන්න …..අවදි නොවී ……කොච්චර ලස්සනද……ඒත් හැබෑ ලෝකේ……

නමසිය අසූ එකේ නොවැම්බර් දහතුන මිලිමීටර් තිස්පහේ පටියක සිත්තම් වෙච්ච කතාවක් ලංකාව පුරා සිනමා ශාලා වල දිගහැරෙන්න පටන් ගන්නවා.. මටනම් එතකොට මාස 9යි වයස… අදියුරුවම විජය ධර්ම ශ්‍රී….බරපැන විජය රාමනායක.

මම චිත්‍රපටියේ මුළු කතාවම කියන්නේ නැහැ.කිව්වොත් මම කියන්න යන ගීතයට ඔබ හිතේ මවාගන්න කතාව බොඳවෙලා යනවා… එතකොට විජය ධර්ම ශ්‍රී හිතේ මවාගත්ත කතාව විතරයි ඔබ දකින්නේ…ඒත් ගීතයක් නිධාන කතාව නොකියා පඳුර වටේ තලනවා වගේ ආගිය කතා කිව්වම එක එක්කෙනාගේ හිත්වල එක එක කතා ඇඳෙනවා
…තමන්ට අදාළ…..ඒවා කොච්චර ලස්සනද …….

එක ජවනිකාවක් විතරක් කියන්නම් ඔන්න කාලෙකට පස්සේ රවීන්ද්‍ර රන්දෙණිය එනවා කෝච්චියේ අතීතය මතක් කර කර තමන්ට ජීවිතයේ අතරමගදී මඟහරුන කෙනාව ඒ කියන්නේ මාලනී ව හොයාගෙන ..
පසුබිමින් ඇහෙන්නේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතය….අමරදේවයන්ගේ හඬින් ….මේ කුලරත්න ආරියවංශයන්ගේ පද පේලි නේද…

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙඅන් යළි වඩින්න..
ආරාධනා…

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
ආරාධනා

එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා…

ඔබත් දෑස් පියාගෙන අහල බලන්න

මම කැලුම් විජයරත්න