ආරාධනා

Lyrics
ආරාධනා //
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා //
නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ මැකී ගියාදෝ… කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා
ආරාධනා //
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ ඔබේ උණුසුමේ… යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා //

Aradana, Aradhana Lyrics – W. D. Amaradewa

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks