බින්දුමතී

Lyrics

බින්දුමතී බින්දුමතී

මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී //

කළු උක්ගස විලසා කළු කළු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ //
ගොම්මන් සමයමටා ගම හොල්මන් තියේ
නුඹ එක්කා මා එන්නා යම නංගියේ

මං ආදර පෙම් ආදර බින්දුමතී…..

ළිඳ ළඟටා යන්ට එපා දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා කබරගොයා කයි //
ගඟ ළඟටා යන්ට එපා අබිමානා එයි
පිට ගමටා යන්ට එපා මා මෙහි තනිවෙයි

මං ආදර පෙම් ආදර බින්දුමතී…..


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


Bindumathi – Victor Rathnayake

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks