ඉගිලෙන්න තහනම්

Lyrics

ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නේ මට අත්තටු දෙකක්
අපි ලිව්වෙ ලස්සන කවි දෙකක්
මගෙ වෙන්නෙ ඇයි එක කවි පෙළක් //

පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකී ඉර හඳ උනත්
ඔබ දන්නේ නැහැ ඒ බව තවත්
ඔබ දන්නේ නැහැ ඒ බව තවත්

ඉගිලෙන්න තහනම් නම් දුරක් …

හැමදාම මල් පෙති ලං කලත්
දැනුනේම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්
සාධාරණයි අපි වෙන් කළත්

ඉගිලෙන්න තහනම් නම් දුරක් …

Igilenna thahanam nam durak – Nirosha Virajini Wirajini

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks