කොපර කොපර

Lyrics

තැන තැන රවුමට ඉඳගෙන ඉඳහිට එබිකම් කර කර //
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා…//

පැණි මොර මල් පිපුණු රෑට කජු පුහුලන් ඉදුණු දාට //
පුංචි අපේ සිත් තුල සතුටක් මතු වෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා…//

ගුණ්ඩු පැනලා නැටුවෙත් අපි වච්චි කියලා දිව්වෙත් අපි //
හරිම වැඩේ අද ළමයින් ඒවා නොදන්නා වයිවාරන සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා

කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා.. //

තැන තැන රවුමට ….

Kopara Kopara – Edward Jayakody

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks