ඔබ හීනයක් වගේ

Lyrics

ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරං සිරි යහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමී //

මල් මකරන්ද දෝතට අරං නෙතේ කඳුලැලි දරා
මං මග බලා සිටියා නෙතු ගනඳුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා සිල් බිඳලන්න නොහැකී නිසා මම
මග බලා සිටියා
ඔබ හීනයක් වගේ …..

නේක දුක් හද රැඳුනා සඳ එලිත් නිවුනා
අඳුර මැද තනිවී පවන් රොදකට සවන් දොර ඇරුනා
තරු ඇසත් පිපුණා සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා සරා සඳ ලඟ මා

oba hinayak wage sihinayak

More from Admin

Featured on

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. පුංචි කතාවක් තියනව මේ සිංදුව ඇතුලෙ ….

    ගෑනු ලමයෙක් බැදල එයාගෙ මහත්තයත් එක්ක එකට ජීවත් වෙනව. . මුල් කලෙ නම් ආදරෙන් ඉන්න ඇති .. කිස් එහෙම අඩුවක් නැතුව ලැබෙන්න ඇති. .එත් කාලයක් යනකොට මේ ආදරේ වෙනස් වෙනව… මේයාගෙ මහත්තය මෙයා ලගට එන්නෙ නෑ. එකම යහනෙ ඈතට වෙලා නිදා ගන්නව.. මේ ගෑනු ලමයට අවශ්‍ය ආදරය ලැබෙන්නෙ නැති දුකින් කියනව.. මම ස්වාමියෙක් ඉන්න කාන්තවක්.. ඉතින් ඔහොම ඉන්න එපා කියල….

    ඔබ හීනයක් වගේ
    හාදු වැස්සක් අරන්
    සිරියහන අද්දරට වී
    වැතිරෙන්නෙපා සයනේ
    මම සස්වාමිකයි ස්වාමි…

    වෙනද වගේ ආදරෙන් ලගට ඇවිත් හැමදේම එයාට දෙනකන් එයා බලාගෙන හිටිය.. ඇසේ කදුලු පිරුන වෙලාවල් අනන්තයි.. අසරණ වුන එයාගෙ ජීවිතයට ආයෙත් එයා එනකන් බලන් හිටිය.. වෙන කෙනෙක්ගෙන් ඒ පහස ලබන්න බැරුව නෙවෙයි… ආදරය නිසාම.. එයා ආරක්ෂා කරපු සීලය බිදල වෙන කෙනෙක් එක්ක සතුටු වෙන්න බැරි නිසාම…

    මල් මකරන්ද දෝතට අරන්
    නෙතේ කදුලැලි දරන්
    මම මඟ බලා සිටියා…
    නෙතු ඝණදුරට තරුවක් වෙලා
    ඔබ ‍එතැයි සිතා…
    සිල් බිදලන්න නොහැකි නිසා
    මම මග බලා සිටියා…

    ඒත් එයා එන්නෙම නෑ.. හදට දුක විතරයි.. මේ ගෑනු ලමයට දැනුන එයාගෙ මහත්තයගෙන් ඒ සතුට නම් ආයෙ ලැබෙන්නෙ නෑ කියල.. ඒ නිසා මෙයා වෙන කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්නව.. වෙන කෙනෙකු එක්ක එයා සතටු වෙනව. තමන්ට තමන්ගෙම මහත්තයගෙන් නොලැබුනු ආදරය වෙන කෙනෙකුගෙන් ලබා ගන්නව.. ඉත්න් දැන් එයා සතුටින්…

    මේඝ දුක් හද රැදුනා
    සඳ එළිය නිවුනා
    අඳුර මැද තනිවී
    පහන් දොරකට සවන් දොර හැරුනා
    තරු ඇසත් පිපුණා…
    සඳ ලබන්නී මා…
    සරා සඳ ලඟ මා…

    කොච්චර දුරට සාදාරණද කියලනම් දන්නෙ නෑ. .ඒත් තමන් බැදපු කෙල්ලට ආදරෙන් හැමදාම ලග නොහිටියොත් මේ දේ තමයි වෙන්නෙ.. මොකද මිනිස්සු හැගීම් වලට යට වෙනව. එතකොට වැරදි කරනව…

    ~~රසික ඉඳුනිල්~~
    geeyaka-arutha.blogspot.com

Enable Notifications OK No thanks