සකිසඳ නුඹමය

Lyrics

සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතුසේ ලබනු බැරී
බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද
සසර පුරා බිඳ දමනු බැරී
//

නුඹෙ රුව දෙනෙතට රසඳුන් වේමය
දුටු තැන ඇසිපිය හෙලනු බැරී
කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
රහසේ සඟවා තබනු බැරී

සකිසඳ නුඹමය …

අමයුරු තෙපුලද සුමියුරු ගීයක
නොඅසා මොහොතක් හිඳිනු බැරී
නිර්දක කතරේ දිය දෝතයි නුඹ
කෙලෙසින් වත් මිල කරනු බැරී

සකිසඳ නුඹමය …

Sakisanda sada numba nuba maya – Sunil Edirisingha edirisinghe

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks