Malak Maleka

මලක් මලෙක

Lyrics of Malak Maleka

මලක් මලෙක ගෑවුනාට
තරහ වෙන්නෙ නැතිලු යාලු
දොළක් ඇළෙක දිය බිව්වට
ඇළ සිදෙන්නෙ නැතිලු යාලු

විලක් වසා මල් පිපුනට
උඩඟු වෙන්නෙ නැතිලු මාළු
මුවක් පුරා හිනැහුනාට
දසන් දෙපෙළ ඇද නොවේලු

රළ වෙරළම සිප ගනු දැක
ගල් පර කඳු වෙත නොයාලු
ඇගෙ රුව දැක හිනැහුනාට
පෙම් පත් කවි ගොළු නොවේලු

සද මත හිද කැරකුනාට
ලොව යුධ ගිණි අඩු නොවේලු
වෙසතුරු අත් දන් දුන්නට
නැති බැරිකම නැති නොවේලු

මලක් මලෙක ගෑවුනාට
තරහ වෙන්නෙ නැතිලු යාලු
දොළක් ඇළෙක දිය බිව්වට
ඇළ සිදෙන්නෙ නැතිලු යාලු

විලක් වසා මල් පිපුනට
උඩගු වෙන්නෙ නැතිලු මාළු
මුවක් පුරා හිනැහුනාට
දසන් දෙපෙළ ඇද නොවේලු

Malak Maleka malaka – Edward Jayakody

More from aveterone

Enable Notifications OK No thanks