Tharaha Wela Imu Api

තරහ වෙලා ඉමු අපි | Tharaha Wela Imu Api | Song & Lyrics

Lyrics of Tharaha Wela Imu Api

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා
ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ
ඒ අමනාපය මැකී මනාපය දහස් ගුණේකින් වැඩි වූවා
තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා

නුදුටු නියායෙන් ඉවත බලාගෙන ඔබ හිටියත් කොන්වී
දුටු මොහොතේ සිට සිතින් සිටින්නේ මා ඔබ වෙත ළංවී
නුදුටු නියායෙන් ඉවත බලාගෙන ඔබ හිටියත් කොන්වී
දුටු මොහොතේ සිට සිතින් සිටින්නේ මා ඔබ වෙත ළංවී
තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා

රෑ නිදි නොලබා සුසුම් හෙලා ගෙන පහන් කළෙමි ඊයේ
හීනෙන්වත් මතු තරහ වෙලා නම් ඉන්නට බැහැ ආයේ
රෑ නිදි නොලබා සුසුම් හෙලා ගෙන පහන් කළෙමි ඊයේ
හීනෙන්වත් මතු තරහ වෙලා නම් ඉන්නට බැහැ ආයේ

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා
තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා

Tharaha Wela Imu Api – English Lyrics

Taraha welaa imu api dennaa keewe mu iye api dennaa
Ee mohothe sita gewu hema mohothe
Ee amanaapaya mekee manaapaya dahas gunekin wedi wuwaa

Nudutu niyaayen iwatha balagena oba hitiyaath konwee
Dutu mohothe sita sitinnee maa oba wetha lanwee

Raa nidi nolabaa susum hela gena pahan kalemi iye
Heenenwath mathu taraha welaa nam innata bae aayee

තරහ වෙලා ඉමු අපි | Tharaha vela Imu Api | Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය)

More from tatooflute