Amuthuma Premayak

අමුතුම ප්‍රේමයක් | Amuthuma Premayak | Song & lyrics

Lyrics of Amuthuma Premayak

ඒ ආදරණියම ප්‍රේමේ
පෙම්වතියයි මම නුඹගේ
අදටත් පළමු ප්‍රේමයයි මගේ ඔයා
අතරමං වුනු පෙම් කතරේ
තනිවෙලා මං සිහින අතරේ
මිරිගුවක් පස්සේ දුවමි මං සදා
අමුතුම ප්‍රේමයක් ඒක
යලිත් නොලැබේවි කිසිදාක
මතක විතරයි ඉතිරි අපට
අපි අපෙන් දැන් ඈතට වෙලා
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුඹ එනකන් මග තාමත් බලනවා
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුඹ එනතුරු මග තාමත් බලනවා

මේ ලැම තුරුලට මුහු වී
විදි සෙනෙහස අද සිහි වී
රහසින් හිඳ විදවා වී
මා ඔබ වෙනුවන් හිදිමී
අපි හමුවූ
අපි වෙන්වූ
වස්සානේ ප්‍රේමයේ
මා රිදවූ
මා සැනසූ
එකම කෙනා නුඹ වේ
අමුතුම ප්‍රේමයක් ඒක
යලිත් නොලැබේවි කිසිදාක
මතක විතරයි ඉතිරි අපට
අපි අපෙන් දැන් ඈතට වෙලා
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුඹ එනකන් මග තාමත් බලනවා
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුඹ එනතුරු මග තාමත් බලනවා

Amuthuma Premayak eka – Samitha Mudunkotuwa

More from raccoon