Asata Penena Duraka Sitinnam

ඇසට පෙනෙන දුරක සිටින්නම්

Editor's Notes ලාංකීය ටෙලි නාට්‍ය වංශ කතාවේ ප්‍රථම සංගීතමය ටෙලි නාට්‍යය වන “රේඛා” ටෙලි නාට්‍යයේ ගීතයක්

Lyrics

ඇසට පෙනෙන දුරක සිටින්නම්
හදට දැනෙන තැනක රැදෙන්නම්
තනිව හිඳින නිහඬ රැයක
කනට ඇසෙන දුරක ගයන්නම්

කවදා කොතැනකදී නමුදු
යලි අප හමුවන බව දැන
මා යන තැන මග සලකුණු
සුළං රැලක ලියා එවන්නම්

නිමක් නොමැති මේ දිවි මග
හසර නොදැන සරණ අතර
නැවත නැවත හමුවන තුරු
ඔබ යන එන මගක සිටින්නම්

ඇසට පෙනෙන දුරක සිටින්නම්
හදට දැනෙන තැනක රැදෙන්නම්
තනිව හිඳින නිහඬ රැයක
කනට ඇසෙන දුරක ගයන්නම්

Asata esata Penena Duraka Sitinnam – Chandralekha Perera chandraleka

More from zeo

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks