Ekama Eka Warak

එකම එක වරක් | Ekama Eka Warak | Song & Lyrics

Lyrics of Ekama Eka Warak

එකම එක වරක්වත් ආදරෙයි කියන්න
රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න

හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ
සුදුවෙල්ලයි මුදු වෙරළයි තනියට ඉන්නේ
වැටකේයියා මල් සිබගෙන පෙම් රල ගුවනේ
පාවෙන සුළගට ගැයුවා ඔබ නැති අරුමේ

එකම එක වරක්වත් ආදරෙයි කියන්න
රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න

නිදිනැති රෑ යහන පුරා හීනෙන් තනි වී
ඔබ යන එන මග බල බල සිත තනි රකිමි
හෙට හිමිදිරියේම කියන්න තුරුලෙහි නැළවී
සුරතල් පෙම් බස් බොහොමයි දෙතොලග සිරවී

එකම එක වරක්වත් ආදරෙයි කියන්න
රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න 
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලග ඉන්න 

Ekama Eka varak -Subani Harshani

More from aveterone