Epa Wennata Pera Obata

එපා වෙන්නට පෙර ඔබට

Lyrics

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක් වත් දෙන්න
//

නිදා නොනිදා පහන් කළ රෑ
කෙතරම්ද මේ අහස යට
නිදා නොනිදා පහන් කළ රෑ
කෙතරම්ද මේ අහස යට
කියා ගන්නට බැරිව හිටි දුක්
දන්නෙ කවුරුද ඔබම මිස

එපා වෙන්නට පෙර ඔබට …

මළානික වූ මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස
මළානික වූ මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස
පිපේ නම් ඒ ඔබටමයි
කාට අයිතිද ඔබට මිස

එපා වෙන්නට පෙර ඔබට …

Epa Wennata vennata Pera Obata – Lakshman Hewawitharana

More from RogueOne

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks