Kandulak Gala

කඳුලක් ගලාවිත්

Lyrics

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්
මාගේ සිතින් ඔබ සමු අරන්

තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
සිත මාගෙ රිදවන්නෙ නෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්
මාගේ සිතින් ඔබ සමු අරන්

පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මාගේ දිවියට සදා
යලි එන්නෙපා මාගේ දිවියට සදා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්
මාගේ සිතින් ඔබ සමු අරන්
මාගේ සිතින් ඔබ සමු අරන්
මාගේ සිතින් ඔබ සමු අරන්

Kandulak kadulak Galawith – Kaveesha Kaviraj kavisha kavesha

More from aveterone

Enable Notifications OK No thanks