Malak nowei

මම මලක් නොවේ | Mama Malak Nowei | Song & Lyrics

Lyrics of Mama Malak Nowei

මම මලක් නොවේ
රොන් රසම ඉල්ලන බඹරුන්ට
මම විලක් නොවේ
දිය රකුසන්හට දිය දෙන්ට
මම සදක් නොවේ
කවි ලියා ගන්න බැරි කවියන්ට
මම ලදක් නොවේ
ගලක් වගේ රළු පිරිමින්ට

සදට හොරා සද දිය ඉල්ලා
තටු සිදී බිදි ගොස් මාරුතයේ
බඹර හඩට රැවටි ඉකිබිද හැඩුවාට
මම ළදක් නොවේ
ගලක් වගේ රළු පිරිමින්ට

මම මලක් නොවේ
රොන් රසම ඉල්ලන බඹරුන්ට
මම විලක් නොවේ
දිය රකුසන්හට දිය දෙන්ට
මම සදක් නොවේ
කවි ලියා ගන්න බැරි කවියන්ට
මම ළදක් නොවේ
ගලක් වගේ රළු පිරිමින්ට

පිපෙනා කුසුමක පෙති තලා දමා
වල්මත් කරදා ඝන ආදරේ
මහතුනි කල පව් පිරුවට වින් වැසුවාට
මම මලක් නොවේ
මම විලක් නොවේ
මම සදක් නොවේ
මම ළදක් නොවේ
ගලක් වගේ රළු පිරිමින්ට

Mama Malak Nowei -Umariya Sinhawansha

More from aveterone