Mama Obe Muhuna Kiyawami

මම ඔබේ මුහුණ කියවමි

Lyrics of Mama Obe Muhuna Kiyawami

මම ඔබේ මුහුණ කියවමි
එහි ඇති කවිපද මුමුණමී
සැඟවුණු පදරුත් විමසමි
නවනළු රසයෙන් සැනසෙමි

මම ඔබේ ඇසට පිවිසෙමි
නෙත් කාන්තියේ කිමිදෙමි
නිල් දිය පාරට නැමි නැමී
ඉඳුවර පෙති යුග නරඹමි

මම ඔබේ මුහුණ කියවමි
එහි ඇති කවිපද මුමුණමී
සැඟවුණු පදරුත් විමසමි
නවනළු රසයෙන් සැනසෙමි

මම ඔබ දෙතොලට ළංවෙමි
රතු දෙතොලේ රත ඇදගමි
සිඳුවර සුවඳේ තෙමි තෙමී
නාදළු මතුපිට සැතපෙමි

මම ඔබේ මුහුණ කියවමි
එහි ඇති කවිපද මුමුණමී
සැඟවුණු පදරුත් විමසමි
නවනළු රසයෙන් සැනසෙමි

Mama Obe Muhuna Kiyavami – Janaka Wickramasingha Wickramasinghe

More from aveterone

Enable Notifications OK No thanks