Sanda nidanna

සඳ නිදන්න

Lyrics

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න

සඳ සීත ගෙන එන්නෙ ආදරේ
දඟකාර නිල් දෑස මානයේ
ගුලිවෙන්න රතු⁣ රෝස හීනයේ
ළඟ ඉන්න තුරුලේම මා ළයේ
අඩවන් දෑස කිවේ
ජිව්තේ අරුතමයි සංවරයි මැණික මාගෙ
සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න

සමණලිය තටු සලන යාමයේ
මල් සුවඳ මකරන්ද මාරුතේ
දෙතොලතර සුසුමින්ද මේ රැයේ
නිල්මල් විලෙන් හීන වෑහුනේ
මුසපත් සේද යායේ
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මගේ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න

Sanda sada Nidanna සද- Raveen Kanishka raween රවීන්

More from aveterone

Enable Notifications OK No thanks