Lyrics
තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ //
වැහි පොද ඉල්ලන ඝන බොල් පොළොවට
දේදුන්නක් හිත දෙන්නේ
නිල්ල නිලන ජීවිතයක සතුටයි
මේ සිත ඔබෙන් පතන්නේ
තරු මුතු දිලිසෙන අහසේ පායන ...
වසන්තයේ මල් නොපිපුණු උයනක
මල් කැකුළක් පිබිදෙන්නේ
හේමන්තය හැඩ කරන කුමරියේ
හෙට දින පැලට වඩින්නේ
තරු මුතු දිලිසෙන අහසේ පායන ...
Tharu Muthu Dilisena ahase payana - Keerthi Pasquel kirthi
Comment