Preme maya

ප්‍රේමේ මායා හෝරාවේ

Lyrics

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යා වුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

මා කාගේ කවුරුන් ද ඈ නෑ විමසුවේ
ඈ කාගේ කවුරුන් වුවත් කම් නැතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

මේ වාගේ ළංවූ කෙනෙක් නම් මේ ලොවේ
නෑ මාගේ මතකේ රැඳීලා ජීවිතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ

ප්‍රේමේ මායා හෝරාවේ

Preme Maya Horawe horave – Milton Mallawarachchi mallavarachchi

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks