Nihanda Gamane
&

නිහඬ ගමනේ | Nihanda Gamane | Song & Lyrics

Lyrics Of Nihanda gamane

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරි සරා ඔබ
නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

ප්‍රර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජිවිතේ
ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැළි ඔබේ දෙතොලතරේ
ගැඹුරු හද කැළඹුව ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ

දෑත් විදා ළමැදේ ආදරේ
දෙන්න විඳගන්න රිසිසේ
නිම නොවේ කිසි දිනේ
පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී මා දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණසේ

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරි සරා නුඹ
නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

Nihada gamane – Bachi Susan & Shanika Madumali

More from Aveterone