Oba Hadanna Athi

ඔබ හඬන්න ඇති රෑ පුරාම

Lyrics

ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලක පෙති පුරාම
නොනිඳා හිටියා

රළු බොරළු මගක ඇවිදින්
ඇස රිදුම් දෙමින් හැඬවූ
අතීතය මගෙයි
ඔබ අඬන අඬන වාරේ
නෙතු අගින් මිදී වැගිරෙන
කඳුළු උණුසුමයි

මේ අහස පුරා රැඳුණේ
පිණි බිංදු වෙලා වැටුණේ
ඔබේ කඳුළුමයි
ඒ කඳුළු අරන් විසිරෙන
රෑ සුළඟ ඇවිත් සීතල
මගෙ හිත පාරයි

ඔබ හඬන්න ඇති රෑ පුරාම …

Oba Hadanna Athi raa purama – Edward Jayakody edvard එඩ්වඩ් ජයකොඩි

More from aveterone

Featured on

Enable Notifications OK No thanks