Sagaraya bandu

සාගරය බදු වේදනාවෝ

Lyrics

සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ //

පෙරුම් පුරනා බෝ සතුන්ටත්
මාර සෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපට නැති වේද
රුදුරු බාදාවෝ
පැමිණි දුක් කද පැණි රසක් ලෙස
බෝ සතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ක ගංගාවෝ

සාගරය බදු

එදා කදුලැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොදනම් යනෙන ගමනේදී
සිහින එලිවෙන්නෝ
මිනිස් ලොවකට ලබන්නට බැරි
ජයක් කොතැනකදෝ
මිනිස් කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලැබුවෝ

සාගරය බදු … //

Sagaraya Bandu badu vedanavo vedana Wedanawoo- Senanayaka Weraliyadda සේනානායක වේරලියද්ද

More from aveterone

Enable Notifications OK No thanks