Sanda Pahan Nadee There

සැඳෑ පහන් නදී තෙරේ

Lyrics

සැඳෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා
//

දෑස පේන මානයේ පවා
නෑ මිනිස් හඬක් ඇහෙන්නෙ නෑ
ආදරේ සුරංගනා රැයේ
ජීවිතේ පියාසරයි ඔහේ
රතු පාට ඒ අහස් තලේ
ඔබෙ රෝස දුන්නු හාදුවේ

සැඳෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
ඔබයි මමයි හඳයි රැයයි වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

ප්‍රේම සීන කල්පනා ලොවේ
ස්වර්ණ වර්ණ මාලිගා මැවේ
එන්න යන්න ඒ විමන් කරා
ඩිංග ඩිංග මාරුතේ එතී
නොනිදා නිදයි ඔබේ නුවන්
අඩවන් වෙලා හෙමින් හෙමින්

සැඳෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
ඔබයි මමයි හඳයි රැයයි වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා
ඔබයි මමයි හඳයි රැයයි වුණා

Sandae sanda Pahan Nadee There – Rookantha Gunathilaka

More from aveterone

Enable Notifications OK No thanks