Sarungale Uda Ahase Pavee Yanawa

සරුංගලේ උඩ අහසේ

Lyrics

සරුංගලේ උඩ අහසේ පාවී යනවා
ඉද්ද ගහේ මල් පිපිලා සුළගේ වැනෙනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

දෙවැට දිගේ පොඩි හඳයා පැන පැන යනවා
පුංචි මාළු වරල් සලා පීනා යනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

සෙල්ලම් බත් උයන්න මට එපා කියනවා
ගං දෑලේ දුව පනින්න එපා කියනවා
වෙල් එළියේ දඟ කරන්න එපා කියනවා
එපා එපා කියන කියුම් නිතර ඇහෙනවා

මට ආසයි මලක් වෙලා සුවඳ ගෙනෙන්න
වලාකුළක් වගේ අහසෙ පාවී යන්න
ගහට වැලට කුරුල්ලන්ට කතා කරන්න
අපිට අපේ පුංචි ලෝකේ ඉන්නට දෙන්න

සරුංගලේ උඩ අහසේ පාවී යනවා
ඉද්ද ගහේ මල් පිපිලා සුළගේ වැනෙනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

Sarungale uda ahase- Harshana Dissanayake disssanayaka

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks