Seetha Himagira

සීත හිමගිර ඈත නුවරක

Lyrics of Seetha Himagira

සීත හිමගිර ඈත නුවරක
අතරමං කර නොදත් ඇස් මැද්දේ
ඉගිල යන්නට හිතුවේ කෙලෙසද
කියනු හැකි වෙද නුඹට මා සබඳේ

තුරුලතා මත හැපී හඬනා
වියළි පවනේ ඔහේ පාවී
වීදි සරනෙමි සොයා ඔබ රුව
සුවඳ සොයනෙමි මා දුකෙන් වැළපී

සීත හිමගිර ඈත නුවරක
අතරමං කර නොදත් ඇස් මැද්දේ
ඉගිල යන්නට හිතුවේ කෙලෙසද
කියනු හැකි වෙද නුඹට මා සබඳේ

දහක් නුවරුන් සරන මේ බිම
පාළු කතරකි අඳුර රජයන
ඇවිද යමි නෙත් කඳුළු බර කර
මෙයද අප දුටු ප්‍රේමයේ සිහිනේ

සීත හිමගිර ඈත නුවරක
අතරමං කර නොදත් ඇස් මැද්දේ
ඉගිල යන්නට හිතුවේ කෙලෙසද
කියනු හැකි වෙද නුඹට මා සබඳේ

Sitha සිත Himagira – Nipuni Nayanathara

More from zeo