Lyrics
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ //
මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී 
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
සිහින ලොවේ මිහිර මැවූ මාලි …
මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී 
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
සිහින ලොවේ මිහිර මැවූ මාලි … //
Sihina lowe mihira mavu mali – C. T. Fernando pranandu


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment