Lyrics of Sowin Bara Nuwan Widala
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා
හදේ ජනිත වු අමාවන්
සැබෑ ආදරේ අපේ
මුසාවන් නිසා අනුන්ගේ
බිඳීලා ගියා
අහංකාර වු සිනාවෙන්
අපේ ආදරේ දවාළු
ලොවේ චෝදනා නිසා
මැවෙයි වේදනා
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා
සදාතනික වු හැඟීමෙන්
මගේ ජීවිතේ පුරා
යාවුණා කියා සිතු මුත්
ඔබේ ආදරේ
කඳුළින් කොපුල් තෙමාලු
මගේ ආදරේ මකාලු
ඔබේ චේතනා නිසා
සිතේ වේදනා
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා
සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා
Sovin Bara Nuvan Widala -T. M. Jayarathna


Comment