Wasath uyan

වසත් උයන් පුරා

Lyrics of Wasath Uyan Pura

වසත් උයන් පුරා නෙතිත් අමා ගෙනා
දසන්තයත් අරා ඔබේ පහන් සිනා
වසත් උයන් පුරා නෙතිත් අමා ගෙනා
දසන්තයත් අරා ඔබේ පහන් සිනා

කඳුළු පවා රුසිරුයි ඔබ නෙතින් වෑහෙනා
කඳුරු නදී සිහිලෙන් හද නිබඳ නහවනා
අඳුරු ගගන විරජ සඳුට එලිය විහිදනා
සොඳුරු නලඹ ඔබය මගේ මනස රඟ දෙනා

වසත් උයන් පුරා නෙතිත් අමා ගෙනා
දසන්තයත් අරා ඔබේ පහන් සිනා
වසත් උයන් පුරා නෙතිත් අමා ගෙනා
දසන්තයත් අරා ඔබේ පහන් සිනා

කිරණ සලා දිනිඳු සහස් පියුම් පුබුදනා
අරණ නිවා ඔබ ද සුපුල් හැඟුම් ගල්වනා
ගිමන අවා රුඳුර ඔබෙන් රිදුම් ලබමිනා
නිවන මගේ නුවන දකින ඔබයි ප්‍රියඟනා

වසත් උයන් පුරා නෙතිත් අමා ගෙනා
දසන්තයත් අරා ඔබේ පහන් සිනා
වසත් උයන් පුරා නෙතිත් අමා ගෙනා
දසන්තයත් අරා ඔබේ පහන් සිනා

Vasath Uyan Pura – Edward Jayakody

More from zeo