මේ ගීතයේ කථා වස්තුව අලුතින් තැනෙන පාරක් ගැන.
ඒ නිසයි ගීතය මේ විදිහට පටන් ගන්නේ “ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා අළුත් පාර හැදෙනවා”
නමුත් අලුත් පාරක් ගැනම නෙමෙයි මේ ගීතය, මේ ඒ පිටුපස ඇති කථාවයි.
මොකද මේ ගීතයේ ඊලග පද පේළි තියෙන්නේ මෙහෙමයි “හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා පොළොව දැවී අපේ පයට සිහිල සදනවා, දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා“
සාමාන්‍යයෙන් හිරු පායා සෙවණ ගෙනෙන්නේ නැහැ, රත්වුණු පොළවට අඩිය තිබ්බම අපේ කකුලට සිසිල ගෙනෙන්නේ නැහැ. නමුත් මෙහි කියන්නේ එයයි. ඔව් මේ කථා කරන්නේ මේ අළුත් පාර හදන කම්කරුවන් ගැනයි.
ඒ නිසයි එහි “දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා” කියන්නේ. අත්දෙකේ කරගැට මේ කම්කරුවන්ගේ කුස පුරවනවා.
මේ අළුත් පාර හදද්දී වෙන තව දෙයක් මෙහි අවසන් පද පේළියේ මෙහෙම කියනවා “අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා මැති උතුමන් නම් පාරෙන් කඩුළු ඇරෙනවා පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා”
පාර හදද්දී මුලින් කළුගල් බිම අතුරනවා ඊට පස්සේ තාර දානවා, මේ ඒ කම්කරුවන්ගේ ශ්‍රමය සහ දහඩියයි. හැබැයි මේ පාර ඇරෙන්නේ මේ පාර හදන්න දහඩිය හෙළපු අය නෙමෙයි ‘මැති උතුමන්’ විසින්. ඒ විතරක් නෙමේ ඒ අයගේ නම් පවා මේ පාරට දානවා. නමුත් මේ කම්කරුවන් ඒකට විරුද්ධ නැහැ. මොකද ඒ අය හැමදාමත් වගේ “පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා”
මේ ගීතය ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි මහතා. පදපේලි සමග මේ ගීතය අහන්න. click below
Comment