Adare Wedi Obata Wenadatath Wada

ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා

Lyrics of Adare Wedi Obata Wenadatath Wada

ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා
මවුබිමෙන් නුහුරු දේශයේ
පාළුවෙන් ගෙවන ජීවිතේ
ඔබ කෙරේ ආදරේ තව තවත් වැඩි කළා
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා

සේයා රූ දකින වාරේ
නෙත් මානේ කඳුළු වෑහේ
ඕ. හො. සේයා රූ දකින වාරේ
නෙත් මානේ කඳුළු වෑහේ
හැඟුම් දවා හිතින් හඬා සුසුම් හෙළන්නේ
නිරන්තරේ ඔබේ දසුන් මැවී පෙනෙන්නේ
යළි දකින්නේ කවදදෝ

ආදරේ වැඩියි වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා

මේ ගින්නෙන් දැවෙන කතරේ
සීමාවෙන් මිදුණු දවසේ
ඕ. හො. මේ ගින්නෙන් දැවෙන කතරේ
සීමාවෙන් මිදුණු දවසේ
ඉගිල්ලිලා ඉගිල්ලිලා සොයා ඇදෙන්නම්
සැපෙන් පිරී දුකින් තොර ලොවක් තනන්නම්
වෙහෙස වන්නේ ඒ නිසානේ

ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා
මවුබිමෙන් නුහුරු දේශයේ
පාළුවෙන් ගෙවන ජීවිතේ
ඔබ කෙරේ ආදරේ තව තවත් වැඩි කළා
ආදරෙයි ප්‍රියේ වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා

Adare vedi Obata venadatath vada – Sangeeth Wijesooriya

More from aveterone

Enable Notifications OK No thanks