Apa Eka Pedesaka

අප එක පෙදෙසක

Lyrics of Apa Eka Pedesaka

අප එක පෙදෙසක නිවසන්නේ
නැතුව ද ඔබ මා හඳුනන්නේ
අප එක පෙදෙසක නිවසන්නේ
නැතුව ද ඔබ මා හඳුනන්නේ

මා දිහා
ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

මා ඔබ පසු පස පියමැන ඇත්තෙමි
ඔබට නොමදැනී
ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි
ඔබට නොමදැනී

මා දිහා
ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ අමතන්නට සිතුව ද විටකදි
එයට සිත නොදේ
දවසින් දවස ම මගෙ සිතුවිලි පෙළ
ඔබ වටා බැඳේ

මා දිහා
ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

අප එක පෙදෙසක නිවසන්නේ
නැතුව ද ඔබ මා හඳුනන්නේ
අප එක පෙදෙසක නිවසන්නේ
නැතුව ද ඔබ මා හඳුනන්නේ

මා දිහා
ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

Apa Eka Pedesaka – Milton Mallawarachchi

More from aveterone