අපි සන්තෝසෙන් ඉන්නේ

Lyrics

අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී //
එක හැලියේ බත් කන්නේ එක සෙවනේ නිදියන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපෙ හිත්වල නෑ ක්‍රොදේ විහිළුවටයි විවාදේ
අනුනට නෑ ඔරවන්නේ අවිහින්සක ලෙස ඉන්නේ //
සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ…..

සිංහල රජිදෙකු පෙරදා මිතුදමේ අගය පහදා
තම හිතවත්කම පෙන්වා මහ ගිනිමැලයට පැන්නා //
දුක සැප දෙකේම වාසේ ඇදි බිතු සිතුවම් රූසේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ…..

හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ
කවදත් එකටයි ඉන්නේ කිසිවිට නැහැ වෙන්වෙන්නේ //
ජීවිතේ මිහිර විඳිමු ප්‍රීතියෙන් ගීත ගයමු
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ…..

Api santhosen inne- J.A. Milton Perera

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks