මුව මුඛ්‍යා ලතා

Lyrics

මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන් , විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භාග්යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා

ආකාස ගං චන්ද්‍ර නෞකාවේ, ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූසිරු කල්යාණියේ මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්රීයෙන් විපුල් වොරැඳේ මනසානන්ද මන්දෝදරී

නිසසනි සගගම පමපප නිනිසරි ග.
රිස සගරිස නිප නිස රි…
නිප මගප ගමප ගරි නිනි සරි ස…

හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ , හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ
හා හා ගයම් සෞම්ය සංගීතේ, හා හා ගයම් සෞම්ය සංගීතේ
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ, අද ඉහිරේද දෙතොලෙන් මගේ
මුව මුඛ්‍යා ලතා….

Muwa muva Mukya Latha – Edward Jayakody

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *