&

දෙකොපුල් කඳුලින් තෙමා

Lyrics

දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා, හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ……
මින් පෙරදී අපි මේ වගේ වෙන් වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ මගේ ජීවිතේ ඉකිබිදී
ඔබ දෙනෙත් යලි, යලි සොයයි අපි පතා ආවා වගේ
වෙන් වී යයි

ඔබ පපුතුරේ මා හිදී මගේ පපුතුරේ නුඹ හිදී
ලංවෙන්න වෙන්නේ නම් නෑ
සුහදිනියේ

දෙකොපුල් කඳුලින් තෙමා……

සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී

හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි
ඔබේ සිහිනවල මා හිදී මගේ සිහිනවල ඔබ හිදී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ

දෙකොපුල් කඳුලින් තෙමා…..
Amaa Teledrama Theme Song

suhadiniye dekopul kadulin themi, ama dahara theme song by Lahiru Perera & Abhisheka Wimalaweera Lyrics: Mahesh Rathsara Maddumarachchi

More from NmL

Similar

Comment

Your email address will not be published. Required fields are marked *