Lyrics
මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
හඬා දොඩා පලනොලබන හින්දා
උදා ලහිරු විලස එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා//
විදු නැණයෙන් අභිසෙස් ලබමින්නේ
සඳ මතුපිට පියවර එසවෙන්නේ
අපි පමණද එක තැන කැරකෙන්නේ
අපි තනිකර ලෝකය දිව යන්නේ
ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා//
අපේ හදට සතුටක් මුසු වේනම්
අපේ දුකට සුසුමක් මතු වේනම්
අපේ හිතට දිරියක් ලැබ දේනම්
එදා අපට පෙරමග සුදානම්
ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා///
Maha Merak Lesata-Deepika Priyadarshani / Ananda Weerasinghe
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment