Awa Soya Adare
&

ආවා සොයා ආදරේ

Lyrics

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
සුදු මූණ හංගන් ගියේ
ආ ආ ඇයි ප්‍රියේ
ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
හැටි දන්නෙ මම නේ ඔබේ
නෑ නෑ ගියෙ ප්‍රියේ
ආවා සොයා ආදරේ

දවසින් දවසට ගෙවිලා යනවා
ජීවිත කාලේ නෑ නවතින්නේ
යෞවන කම පසුපස නැත එන්නේ
සැනසෙමු ඇයි තව බල බල ඉන්නේ

ලොව සැප කොතැනද
කෝ කෝ කෝ කියා
අපි යමු එතැනට ප්‍රේමේ ගී ගයා
ලොව සැප කොතැනද

රෑ කියන රටේ සෙවණකට යමූ
නින්දය කියනා සම්පත සොයමු

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
හැටි දන්නෙ මම නේ ඔබේ
නෑ නෑ ගියෙ ප්‍රියේ
ආවා සොයා ආදරේ

යෞවනකම මල් උයනකි සොඳුරේ
ලස්සන පාටින් මල් පිබිදෙන්නේ
පරවී ගිය පසු ඒ මල් පිපිලා
කවුදෝ ඒවා පුබුදාලන්නේ
වෙරළට ආ රැලි ආ යේ එන්නේ නෑ
මෙතරුණ කම යළි ඒ දෝ දන්නේ නෑ
වෙරළට ආ රැලි

සීතල වැල්ලේ ඉමු නැලවිල්ලේ
අපි විනෝද වෙමු කිරි සුදු වැල්ලේ

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
සුදු මූණ හංගන් ගියේ
ආ ආ ඇයි ප්‍රියේ
ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
හැටි දන්නෙ මම නේ ඔබේ
නෑ නෑ ගියෙ ප්‍රියේ
ආවා සොයා ආදරේ

Awa Soya Adare – HR Jothopala & Anjalin Gunathilake gunathilaka anjaleen enjaleen jothipala

More from aveterone

Enable Notifications OK No thanks