Pini Poda

පිණි පොද වැටෙනා

Liyrics

පිණි පොද වැටෙනා අරුනැල්ලේ
පිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේ
මුතු කුඩ යට හිනැහුනු සුදු කෙල්ලේ
මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ
//

ආදරයෙන් පෑ සිනහා
මා හිත යට තවමත් ඇත රැදිලා
සෙනෙහස පවසාලා ළංවීලා
මා තුරුලේ නැළවෙනවද මැණිකා

රුහි කියා අමතා මා මෙසේ
හිත් කොනේ තිබුනු ඒ ආදරේ
තනිවන විට මා මගෙ ජීවිතේ
නුඹ මගෙනම් තනියක් නෑ හදේ

පිණි පොද වැටෙනා අරුනැල්ලේ

ළපටි දෙතොල් පොපියා මට නොකියා
හීන්සැරේ සිපගන්නට හිතුනා
හොරැහින් නොබලා මා දෙස බලලා
තුරුල්වෙලා ඉඳපන්කෝ මැණිකා

රුහි කියා අමතා මා මෙසේ
හිත් කොනේ තිබුනු ඒ ආදරේ
තනිවන විට මා මගෙ ජීවිතේ
නුඹ මගෙනම් තනියක් නෑ හදේ
නුඹ මගෙනම් තනියක් නෑ හදේ
නුඹ මගෙනම් තනියක් නෑ හදේ

Pini Poda Watena vatena – Shihan Mihiranga

More from aveterone

Enable Notifications OK No thanks