Bamarindu Bamarindu Kumata Wadinne
&

බඹරිඳු කුමට වඩින්නේ

Lyrics

බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
වන මල් කැකුළිය සොයා වඩින්නේ
වන මල් කැකුළිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ

සැඟවුණු රසමදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුළු වත නාවා
බඹර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා

බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
වන මල් කැකුළිය සොයා වඩින්නේ
වන මල් කැකුළිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ

අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එ මලින් මල්පල වේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා

බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොළත් ගස නැහැ පළ දෙන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වැන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වැන්නේ

Bambarindu babaridu Kumata Wadinne vadinne – W. D. Amaradewa & Nanda Malani

More from raccoon

Enable Notifications OK No thanks