Sina Thotak Wiya

සිනාතොටක් විය

Lyrics

සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං
//

බොසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

සිනාතොටක් විය …
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

Sina Thotak wiya sinathotak oba pamula – Nirosha Virajini Wirajini virajani

More from raccoon

Enable Notifications OK No thanks