Tharuda Nidana Maha Re

තරු ද නිදන මහ රෑ

Lyrics

තරු ද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ
//

පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑ හි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්

තරු ද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිර වී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුණු කුසුම්

තරු ද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ
තරු ද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ

Tharuda Nidana Maha Re – Nanda Malani

More from raccoon

Enable Notifications OK No thanks