&

සිතට ගතට දැනෙන ලෙසට

Lyrics

සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් නැගෙන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මා දුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද //

ගේ කුරුලන් කිචි බිචි ගා
අතන කරන පෙම් කතාව
මුවට මුව තබා පෙන්වන
ආදර බර ජවනිකාව
අපේ ලොවත් මේවාගෙද
ආදරයත් මේවාගෙද

සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් නැගෙන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මා දුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද

ආදර බස් දොඩ දොඩ
ඔබ ළඟ ඉන්නටමයි මනාව
දැක දැක ඉන්නට ආසයි
ඔබෙ ආදර ඔය සිනාව
සැමට හොරෙන් මට පමණක්
පෙන්වන්නකො පෙම් සිනාව

සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් නැගෙන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මා දුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද

සැමදා එක ලෙස ලැබෙනවද
කිසිදා අමතක නොවෙනවද
සැමදා එක ලෙස ලැබෙනවද
කිසිදා අමතක නොවෙනවද

Sithata Gathata Danena Lesata – Samitha Mudunkotuwa & Athula Adikari adhikari mudunkotuva

More from raccoon

Enable Notifications OK No thanks