Handak Vage

හඳක් වගේ

Lyrics

හඳක් වගේ ඔබ ඈතින් දිලෙන විට
මලක් වගේ ඔබ ළංවී හිඳින විට
සඳ සිසිලස දී මා සිත නිවාලන
මලේ සුවඳ මට ජීවය රැගෙන එන
මට ජීවය රැගෙන එන

ලස්සන මලක මල් පෙත්තකි නුඹේ රුව
මන්මත් උනා මුල් දවසෙම දුටුව රුව
සුවඳ මලක් ළඟ දැහැනක සම වැදුන
බමරිඳු මමය කිසිදා ඔබ හැර නොයන
කිසිදා ඔබ හැර නොයන

බැඳි ආදරය පුර හඳකට සම වේද
එසඳ කිරණ නිරතුරු එළියකි ගේන
පහන් තරුව ලෙස සසරෙහි පතා එන
සඳ තරු අපය නිම් හිම් නැති පෙමක් ලද
නිම් හිම් නැති පෙමක් ලද

හඳක් වගේ ඔබ ඈතින් දිලෙන විට
මලක් වගේ ඔබ ළංවී හිඳින විට
සඳ සිසිලස දී මා සිත නිවාලන
මලේ සුවඳ මට ජීවය රැගෙන එන
මට ජීවය රැගෙන එන

handak හදක් wage vage oba athin dilena wita – Kasun Kalhara

More from raccoon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks