Sanda Mithuri - Igilenna Oba kka

ඉගිළෙන්න ඔබ එක්ක

Lyrics

ඉගිළෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි
බිඳු කඳුළු පිනි පොකුරු කළ මැනවි

මට මම ම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවක මුල් අණු වෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා

ඉගිළෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි
බිඳු කඳුළු පිනි පොකුරු කළ මැනවි

ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා

ඉගිළෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි
බිඳු කඳුළු පිනි පොකුරු කළ මැනවි //

Igilenna oba ekka akase sanda sada mithuri – Kasun Kalhara

More from raccoon

Featured on

Enable Notifications OK No thanks