Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය |

දන්නවද ආදරේ නීතිය

Lyrics

තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැණෙනවා

නමුණුකුල බර දරනවා
ගයනකල් මග බලනවා
දන්නවද ආදරේ නීතිය
දැණුනු තරමට රිදෙනවා

කාලේ නැවතුනු තැන තාම මම
ගාලු කොටුවත් කියනවා
තාම හෙවණක් නැති අහස යට
අළුත් හදවත් අඬනවා

තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා

Dannawada Adare Neethiya thama oba gana liyanawa – Abhisheka Wimalaweera abhi abisheka wimalawira

More from raccoon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks