බැස යන සඳ

Lyrics

බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින් //

නන්නාදුනන දෙසින
ගිමනට සිසිලරැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්
ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්

බැස යන සඳ දෑසින් …

මන්දාකිණිය ගලන
නිසසල රැයට මැවෙන තරුමල් අඹරේ හිනැහී
මැදියම් අදුරේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්
ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්

බැස යන සඳ දෑසින් …

Basa besa Yana Sandha sada – Namal Udugama

More from aveterone

Enable Notifications OK No thanks