Alawanthi

ආලවන්ති

Lyrics

ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
නුඹට වශීවෙලා මා

තනිවෙන්නට ආසම නැහැ දැන්
නුඹෙ ගත හැඩ සිහිවෙයි හැමතැන්
සිහින සැබෑ වෙන හැටි දැනගනිමින්
බලා ඉඳිමි නුඹ මා වෙත එනකන්
සඳ කොහෙදෝ හිරු කොහෙදෝ
හිතට දැනෙන සැප කාට කියන්දෝ
සිහින දිගේ දුවගෙන එන මඟ මම
මටම ලැබෙන තුරු බලා ඉදින්දෝ

සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී
සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී
නුඹට වශීවෙලා මා

ආලවන්තී මා

Alawanthi alavanthi ma – Jayasri

More from aveterone

Enable Notifications OK No thanks