Enakal balan

එනකල් බලන් වෙනදා වගේ

Lyrics

එනකල් බලන් වෙනදා වගේ
මා ඉන්න බැව් තනිවී ලොවේ
ඔබ දන්නෙ නෑ කියා මම දන්නවා
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා
රැකගත්තේ මා ඔබෙයි සිතා
බොරු වැරදි කෝටියක් මවා
සමුගත්තේ මා නොවෙයි ඔයා

සඳට උපමා රැඳුණ පෙරදා
අපි අපිට නැතිව බෑ හැම යාමේ
ලඟක ඉඳලා හිතට දැනෙනා
ඔබෙ වෙනස තේරුනත් මට බෝ සේ
මගෙ ජීවිතේ ඔබයි කියා
ඔබ දන්නවාද දන්නේ නෑ

නෙතට ගැටෙනා සැවොම පරදා
මම ඔබට ආදරෙයි පෙර වාගේ
ලොවම කියනා වචන නො අසා
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ
මොන දේ කලත් හිතා මතා
මට ඔබව නොලැබ ඉන්න බෑ

එනකල් බලන් වෙනදා වගේ

Enakal Balan Wenada Wage – Senanayaka Weraliyadda weheraliyadda සේනානායක වේරලියද්ද

More from aveterone

Enable Notifications OK No thanks