Sudu Piruwatayai

සුදු පිරුවටයයි

Lyrics

සුදු පිරුවටයයි මංගල යහනයි
කදුළින් තෙමනු එපා
‍ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් නගනු එපා
මට දොස් නගනු එපා

සාගරයට වැඩි ආදර හිත් ළග අපි ළදරුවන් වගේ
අපේම ලොව තුළ තනි වුණුදා අපි දුර නොබැලුවේ ඔබයි
දුර නොබැලුවේ ඔබයි

සුදු පිරුවටයයි මංගල යහනයි …

නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි
විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි
තවමත් සිත සසලයි

සුදු පිරුවටයයි මංගල යහනයි …

Sudu Piru Watayay piruvatayai piruwatatyay mangala yahanai Piruwatayai – Chandrasena Hettiarachchi

More from aveterone

Enable Notifications OK No thanks