Sagaraya Parada Uthura

සාගරය පරදා උතුරා

Lyrics

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

සිනමා හලේ දී උයනේ මගේ දී
ප්‍රේම නගරයේ
අපෙ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදි වී
ආව නිහඬ වී
අද මා යෙහෙළී
ඔබගේ මිහිරී

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

පෙර මාගෙ දෑතේ රැඳී දෑත ඇයගේ
දෑතේ පෑහිලා
මල හා ජලාසේ විලසේ බැඳේවා
වේවි වාසනා
දෙදෙනා සැරදේ
ජය වේ ජය වේ

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා
ඔබේ කතා
මැකී ගියා

Saagaraya sagaraya Parada Uthura – Indrani Perera

More from aveterone

Enable Notifications OK No thanks