Mathakada Obata

මතකද

Lyrics

මතකද ඔබට මතකද
හිරුද මිය ගිය එක සැඳෑවක
මරා දැමුවා ඔබ අපේ
ආදරේ

වෙරළේ සොඳුරු තුරු ගොමුවක
හෙවණේ
ආදරෙන් වෙළී උන් මොහොතක
නොසිතූ වෙලාවක
උන්නද මම
ඇසි පියක්වත් ගහන්නට කලියෙන්
ගෙල මිරිකලා
අවසාන පණ පොද මුහුකලා
උඩු හුළඟට

මතකද ඔබට මතකද
වැළලුවා අපි අපේ සෙනෙහස
වැටකේ පඳුර යට
වෙරළේ ගැඹුරු පතුලක
යළි කවමදාවත් නොඑන ලෙස
හිත තියා බරට ඒ මත
යළි කවමදාවත් නොඑන ලෙස
හිත තියා බරට ඒ මත
බරට ඒ මත

මතකද
ඔබට මතකද

Mathakada obata – Kithsiri Jayasekara

More from aveterone

Enable Notifications OK No thanks